සේවා වනිතා ඒකකයේ වාර්ෂික සමිෙමිලනය ශ්‍රී ලංකා ගුවන් හමුදා චීනවරාය විද්‍යාපීඨ කදවුරේදී
ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ වාර්ෂික සම්මේලනය 2015 සැප්තැමිබර් මස 04 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨ කදවුරේදී පවත්වන ලදි. මේ සදහා කදවුරේ සේවය කරනු ලබන නිළධාරීණියන් ගුවන් කාන්තාවන් සහ සේවා පුද්ගලයන්ගේ භාර්‍යාවන් රැසක් සහභාගී වූහ.

ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිණී සමන්ති බුලත්සිංහල මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙම සමිෙමිලනය පවත්වනු ලැබූ අතර මෙහිදී සහභාගී වුවන් සමග සේවා වනිතා කටයුතු සමිබන්ධයෙන් ඇති ප්‍රශ්ණ හා ගැටලූ පිළිබදව සාකචිජා කරන ලදි. එසේම හමුව අවසානයේ එතුමිය විද්‍යාපීඨ පෙර පාසලේ හා සිද්ධාර්ථ විද්‍යාලයේ සංචාරයක නිරත වෙමින් ඉගෙනුම ලබන සිදු දරු දැරියන් සමග සුහද කතාබහකද නිරත විය.

චීන වරාය විද්‍යාපීඨ කදවුරේ පිඨාධිපති එයාර් කොමඩෝර් සාගර කොටකදෙණිය හා සේවා වනිතා ඒකකයේ කාර්යාල කාර්ය මණ්ඩලය මෙම අවස්ථාවට සහභාගී වූහ.


 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි