ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්ෂණයට
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල විසින් අද (2015 සැප්තැම්බර් මස 10) දින ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල ගුවන් හමුදා කදවුරෙහි තම වාර්ෂික පරීක්ෂණය සිදු කරන ලදී.
කදවුරු අණදෙන නිළධාරී ගෘප් කැප්ටන් ටීඒඩීආර් සේනානයක විසින් පෙළපාලිය මෙහෙයවන ලදී. මෙහිදී ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසලේ සේවය කරනු ලබන සිවිල් සේවක එම්එච්ආර්පී මෙන්ඩිස් මහතා ඉටකරන ලද සේවය වෙනුවෙන් ගුවන් හමුදාධිපති සම්මානයෙන් පිදුම් ලබන ලදී.
පරීක්ෂණය අතරතුරදී ගුවන් හමුදාධිපතිතුමන් විසින් කදවුරේ සියළුම ස්ථාන තම පරීක්ෂණයට භාජනය කරන ලදී. එමෙන්ම අලුතින් ඉදිකරන ලද විභාග මධ්‍යස්ථානයක්ද එතුමන් අතින් විවෘත කරන ලදී. පරීක්ෂණය අවසානයේදී ගුවන් හමුදාධිපතිතුමන් විසින් කදවුරේ සියළුම නිළයන් අමතා කථාකරන ලද අතර එහිදී පරීක්ෂණය වෙනුවෙන් ඉතා උසස් අන්දමින් කදවුර සූදානම් කිරීම සහ ගුවන් හමුදාවේ අභිවෘද්ධිය උදෙසා සියළු දෙනාම දක්වන දායකත්වය වෙනුවෙන් සුභපැතීම සිදු කරන ලදී.