අන්තර් ඒකක දැල්පන්දු ශූරතාව ඒකල වෘත්තීය පුහුණු පාසලට
ශ්‍රී ලංකා ගුවන් හමුදා ඒකල වෘත්තීය පුහුණු පාසල විසින් ගුවන් හමුදා චින වරාය විද්‍යාපීටය 27ට 19ක් ලෙස පරදවා අන්තර් ඒකක දැල්පන්දු ශුරතාවය  දිනා ගැනීමට අද දින (සැප්තම්බර් 15)සමත් විය. අවසාන මහා තරගය ගුවන් හමුදා කොළඹ  කදවුරේ රයිෆල් ග්‍රීන් ක්‍රිඩාංගනයේදී ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි සමන්ති බුලත්සිංහල මහත්මියගේ ප්‍රදානත්වයෙන් පැවත්වින.

ශ්‍රී ලංකා ගුවන් හමුදා ඒකල වෘත්තීය පුහුණු පාසලේ කෝප්රල් නන්දසිරි හොඳම විදින්නිය ලෙස සම්මාන ලැබීය. කෙඩෙට් නිලධාරීණී ඇන්තනී කේ එස් බී හා කෙඩෙට් නිළධාරිණී ලියනගේ එච්.එස් පිළිවෙලින් හොඳම මධ්‍යස්තාන ක්‍රීඩිකාව හා හොඳම ආරක්ෂකයා ලෙස සම්මාන ලැබීය. ශ්‍රී ලංකා ගුවන් හමුදා ඒකල වෘත්තීය පුහුණු පාසලේ ගුවන් කාන්තා පබසරා ඩබ්.ඒ.පී 2015 අන්තර් ඒකක දැල්පන්දු ශූරතා තරගාවලියේ  දැල්පන්දු රැජින බවට අභිෂේක ලැබීය.

කොළඹ ගුවන් හමුදා කදවුරේ අණ දෙන නිළධාරී එයාර් කොමඩෝර් ප්‍රසන්න පායෝ, නිලධාරීන්, එක් එක් කඳවුරු නියෝජනය කරමින් ගුවන් බටයින්  හා ගුවන් කාන්තාවන් විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.


 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි