2015 ඒකාබද්ධ යුධ අභ්‍යාස මෙහෙයුම අවසන් වෙයි
2015 ඒකාබද්ධ යුධ අභ්‍යාස මෙහෙයුම පසුගිය සැප්තැම්බර් මස 23 වන දින පුන්නකුඩා ප්‍රදේශයේදී අවසන් විය.

මෙම ඒකාබද්ධ යුධ අභ්‍යාස මෙහෙයුමේ උච්චතම අවසථාව ලෙස පුන්නකුඩා ප්‍රදේශයේ ඉදිකරන ලද සතුරු කඳවුරු වෙත කොමාන්ඩෝ රෙජිමේන්තුව හා විශේෂ බලකාය විසින් අවසන් ප්‍රහාරය දියත් කරන ලද අතර එය ගුවන් හමුදාවේ සහ නාවික හමුදාවේ සහයෝගය ඇතිව කුඩා කණ්ඩායම් වශයෙන් සිදු කරන ලදී.

මෙහිදී ගුවන් හමුදාව විසින් ගොඩබිම සිටන මිතුරු හමුදා කණ්ඩායම් වෙත ගුවන් වෙඩි සහාය ලබා දීම, සැපයුම්, පැරෂුට් පැනීම්, යුධ භූමියේ සිටින තුවාල කරුවන් ප්‍රවාහනය ඇතුළු මෙහෙයුම් රැසක් සිදු කරන ලදී.

ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතාද මඩකලපුව, පුන්නකාඩු හි දියත් කරන ලද මෙම ඒකාබද්ධ යුධ අබ්‍යාස මෙහෙයුමේ අවසන් අදියර නරඹන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි