ගුවන් හමුදාපතිතුමා ශ්‍රී ලංකා ගුවන් හමුදා හිගුරක්ගොඩ කදවුරේ සංචාරයක
වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හා ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක මහතා පසුගියදා (ජුනි 10) ශ්‍රී ලංකා ගුවන් හමුදා හිගුරක්ගොඩ කදවුරේ සංචාරයක නිරත විය. මෙහිදී කදවුරු අණදෙන නිලධාරී විංග් කමාන්ඩර් සුරේෂ් පෙරේරා සහ 25 වන රෙජිමේන්තු පක්ෂාංගයේ අණදෙන නිලධාරී විංග් කමාණ්ඩර් ෂර්ලි ප්‍රනාන්දු විසින් ගුවන් හමුදාපතිතුමා පිළිගන්නා ලදී.
මෙම සංචාරයේදී ගුවන් හමුදාපති තුමා විසින් , අංක 09 ප්‍රහාරක බලඝණය පසුගිය මානුෂීය මෙහෙයුමේ සිදුකල සේවාව අගය කිරීමට ජීව ප්‍රමාණයේ එම් අයි 24 ගුවන් යානා ආකෘතියක් විවෘත කරනු ලැබීය.
තවද එතුමා විසින් අලුතින් සාදා නිමකල ප්‍රධාන ආරක්ෂක මැදිරියේ ගොඩනැගිල්ල විවෘත කල අතර සංචාරය සනිටුහන් කරමින් අඹ පැලයක්ද රෝපනය කරන ලදී. තවද මැතකදී විවෘත කරනු ලැබූ රාත්‍රී දුර දක්න පරීක්ෂා කිරීමේ මැදිරිය තම පරීක්ෂණයට ද ලක්කරන ලදී.