රිජ්ඩ් නිවාඩු නිකේතනය සහ පිහිනුම් තටාකය නුවර පල්ලෙකැලේදී විවෘත වෙයි
අළුතින් ඉදිකරන ලද රිජ්ඩ් නිවාඩු නිකේතනය සහ පිහිනුම් තටාකය විවෘත කිරීම ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතාගේ ප්‍රධානත්වයෙන් අද (2015ඔක්තෝබර් 23) දින නුවර පල්ලෙකැලේදී සිදුවිය.

මෙම ව්‍යාපෘතිය ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු අධ්‍යක්ෂක මණ්ඩලයේ අධීක්ෂණය යටතේ ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක  මූලික කදවුරේ සිවිල් ඉංජිනේරු පක්ෂාංගය විසින් සිදු කරන ලදී.

ගුවන් හමුදා අධ්‍යක්ෂක මණ්ඩලයේ නිලධාරීන්, ගුවන් හමුදා සීගිරිය කඳවුරේ අණදෙන නිලධාරී ඇතුලු නිලධාරීන් හා සෙසු නිලයන් මෙම අවස්ථාව සඳහා සහභාගී විය.


 



airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි