ශ්‍රී ලංකා ගුවන් හමුදා 64 වන සංවත්සරයට සමගාමීව දළදා මාලිගාවේ දානමය පිංකමක්
ශ්‍රී ලංකා ගුවන් හමුදා 64 වන සංවත්සරයට සමගාමීව ගුවන් හමුදා සුභසාධක අධ්‍යකෂක මණ්ඩලය මගින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ගුවන් හමුදා සේවයේ යෙදී සිටියදී මියගිය රණවිරුවන් අනුස්මරණය කිරීමේ බෞද්ධ ආගමික පිංකම 2015 ඔක්තෝමිබර් මස 22 හා 23 යන දෙදින නුවර ශ්‍රී දළදා මාලිගාවේදී දළදා සමිදුන්ගේ ආශිර්වාදය මධ්‍යයේ ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පවත්වනු ලැබීය.
ගුවන් හමුදාව වාර්ෂිකව සංවිධානය කරනු ලබන මෙම ආගමික පුජෝත්සවය මගින් පසුගිය යුද සමයේ තම මාතෘ භුමිය වෙනුවෙන් දිවි පිදු ගුවන් හමුදා සෙබලුන් මෙන්ම සේවයේ යෙදී සිටියදී මියගිය ගුවන් හමුදා රණවිරුවන් සිහිකිරීම, සක්‍රිය සේවයේ යෙදී සිටින ගුවන් හමුදා රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල් වල සාමාජික සාමාජිකාවන් වෙනුවෙන් මෙන්ම ගුවන් හමුදා කඳවුරු/ඒකක වෙත ආශිර්වාද කිරිම මෙහිදී සිදු කරනු ලැබීය.
2015 ඔක්තෝමිබර් මස 22 වන දින සවස ගිලන් පස බුද්ධ පුජාව දළදා සමිදුන්ට පුජා කරමින් පුණ්යෝත්සවය ආරමිභ කෙරුණු අතර පසු දින උදැසන මුල්තැන් බුද්ධ පුජාව මෙන්ම අස්ගිරි හා මල්වතු පාර්ෂවයන්හි සංඝයා වහන්සේලා 64 නමකට අස්ඨපරිස්කාරික සපිරිකර සාංගික මහා දානය පිළිගන්වන ලදී.
මෙම පුනේයා්ත්සවය සදහා ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිණි සමන්ති බුලත්සිංහල මැතිනියල ගුවන් හමුදා සුභසාධක අධ්‍යකෂක එයාර් වයිස් මාර්ෂල් ලාල් පෙරේරා ඇතුලු අධ්‍යකෂක මණ්ඩලයේ නිළධාරීන්, ගුවන් හමුදා ජේෂ්ඨ නිළධාරීන් සෙසු නිළයන් මෙන්ම මිය ගිය රණවිරු පවුල් වල සාමාජික සාමාජිකාවන්ද මෙම අවස්ථාව සඳහා සහභාගී වූහ.