ගුවන් හමුදා මූලස්ථානය ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්‍ෂණයට
ශ‍්‍රි ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා විසින් ශ‍්‍රි ලංකා ගුවන් හමුදා මූලස්ථානයේ සිය වාර්ෂික පරීක්‍ෂණය අද (2015 නොවැම්බර් මස 26) දින පවත්වන ලදී.
කොළඹ ගුවන් හමුදා කඳවුරු අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් ප‍්‍රසන්න පායෝ විසින් ගුවන් හමුදාධිපතිතුමන් පිළිගනු ලැබූ අතර ගුවන් හමුදාධිපති උත්තමාචාර පෙළපාලියක්ද පවන්වන ලදී. එයිහී ප‍්‍රධාන බලලත් නිළධාරීන් එක් අයෙකුත්, ජ්‍යේෂ්ඨ අධිකාරී නොලත් නිළධාරීන් 14 දෙනෙකු සහ කණිෂ්ඨ අධිකාරී නොලත් නිළධාරීන් 8 දෙනෙකු හට ඔවුන් විසින් ඉටුකරන ලද සේවාව අගයමින් ගුවන් හමුදාධිපති සමිමානයෙන් පිදුම් ලැබීය.
ගුවන් හමුදා මූලස්ථානයේ පරීක්‍ෂණය අවසානයේ ගුවන් හමුදාධිපතිතුමන් ගුවන්පුර ගුවන් හමුදා කඳවුර සහ කොල්ලුපිටිය ගුවන් හමුදා විවාහක නිවස්න පරිශ‍්‍රය සිය පරීක්‍ෂාවට ලක් කරන ලදී. කොළඹ ගුවන් හමුදා කඳවුරේ ගුවන් හමුදාධීපතිතුමන්ගේ වාර්ෂික පරීක්‍ෂණය හෙට (2015 නොවැම්බර් මස 27) වන දින පවත්වනු ලැබේ.