අමිපාර ගුවන් හමුදා කදවුර සිය අභිමානවත් 26 වන සංවත්සරය සමරයි
ආගමික කටයුතු සදහා මුල් තැන දෙමින් අමිපාර ගුවන් හමුදා කදවුර සිය 26 වන සංවත්සරය 2015 නොවැමිබර් මස 27 වන දින එම කදවුරේ අණදෙන නිළධාරී ගෘෘප් කැප්ටන් සී වික්‍රමරත්න මහතාගේ මග පෙන්වීම යටතේ සියලුම නිළධාරීන් සෙසු නිළයන් සහ සිවිල් කාර්‍ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් අභිමාණවත් ලෙස සමරනු ලැබූහ.

සංවත්සර දින ආරමිභය සනිටුවහන් කරමින් කදවුරු අණදෙන නිළධාරී විසින් මාසික වැඩ පෙළපාලිය පරීක‍ෂා කිරීම 2015 නොවැමිබර් මස 23 වන දින සිදු කරනු ලැබීය. මෙම නිර්මාණ දිනය සමරමින් කදවුරේ තත්වය ඉහල නැංවීම සදහා දායකවූ සියලු දෙනා හට කදවුරු අණදෙන නිළධාරී විසින් ස්තුතිය පුද කලේය. අනතුරුව කදවුරේ ඉතිහාසය පිළිබදව කෙටි දැනුවත් කිරීමක් සිදු කරන ලදි. මානුෂිය මෙහෙයුම සදහා දැක්වූ දායකත්වය ස්වාභාවික විපත් වලදී දැක්වූ දායකත්වය සහ අනාගත අභියෝග හා එහි වගකීමි පිළිබදව ගුවන් හමුදා භූමිකාව හා කාර්‍ය විස්තර කරනු ලැබීය.

සංවත්සර දිනයට සමගාමීව බුද්ධංගල ආනන්නද හිමියන් විසින් කල ඉල්ලීමකට අනුව කදවුරේ සේවා පුද්ගලයන්ගේ සහ සිවිල් කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් අමිපාර පොදු සුසාන භූමියේ ශ්‍රමදාන ව්‍යාපාරයක් සිදු කරන ලදි. 2015 නොවැමිබර් මස 24 වන දින අමිපාර කදවුරු මූලස්ථානයේදී ලේ දන් දීමෙි වැඩසටහනක් සහ ඊට සමගාමීව කදවුරේ පිහිටි සුභසාධන සංකීර්ණය, ඇදුමි මසන සාප්පුව සහ බාබර් සැලූන් යන ස්ථාන ප්‍රතිසංස්කරණ කිරිමෙි කටයුක්තක් සිදු කරන ලදි.

මෙම සංවත්ර දිනය අවසන් කරමින් කදවුරේ සහ සමස්ත ගුවන් හමුදාව ඇතුලුව ජාතික ආරක‍ෂාවට දායකවු  සහ ඒ වෙනුවෙන් දිවි පිදූ සියලුම රණවිරුවන් හට ආශිර්වාද පුද කිරීම සදහා සර්ව රාති්‍රක පරිත්‍රාණ ධර්ම දේශනාවක් 2015 නොවැමිබර් මස 27 වන දින එම කදවුරු පිරිශ්‍රයේදී සිදු කරනු ලැබීය. ධර්ම දේශනාවෙන් අනතුරුව මහා සංඝරත්නය වෙත සංඝගත දක්ෂිනාවක් සහ අටපිරිකර පූජාවක් සිදු කරන ලදි.  


 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි