ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් ජාතික මලල කී‍්‍රඩා තේරීම් පරීක්ෂණයේදී තම ආධිපත්‍ය පතුරවති
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා හෙල්ල විසිකිරීමේ කී‍්‍රඩක නායක ගුවන් භට රණසිංහ 2015 දෙසැම්බර් මස 04 වන දින දියගම මහින්ද රාජපක්ෂ ක‍්‍රීඩාංගනයේදී ආරම්භ වූ දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලෙ සදහා පැවති තේරීම් තරගවලදී මීටර් 83.04 දුරක් හෙල්ල විසිකරමින් ජාතික වාර්ථාවක් තබමින් 2016 ඔලිම්පික් ක‍්‍රීඩා උළෙල සදහා සුදුසුකම් ලැබීය.
නායක ගුවන් භට රණසිංහ දැක්වූ දක්ෂතාවය (දුරමීටර් 83.04) මෙම වසරේ ආසියානු ක‍්‍රීඩා උළෙලෙහිදී මෙම ඉසව්වේ රන් පදක්කම ලබාගත් ක‍්‍රීඩකයාට (දුරමීටර් 79.74) වඩා මීටර් 03ක් ඉදිරියෙනි. මෙම දක්ෂතාවය වෙනුවෙන් ඔහුට ලෝක මලල ක‍්‍රීඩා ශූරතාවලියේ 10 වැනි ස්ථානය හිමිවේ.
ඔහු හෙල්ල විසිකිරීමේ ඔලිම්පික් සම්මත දක්ෂතා මට්ටම වන මීටර් 83.00 සීමාව පසුකල ශ‍්‍රී ලාංකීය තෙවන මලල ක‍්‍රීඩකයා වන අතර ඔහු ශ‍්‍රී ලංකා මලල ක‍්‍රීඩා ඉතිහාසයේ ඔලිම්පික් සුදුසුකම් සපුරාගෙන ඇති එකම ක‍්‍රීඩකයා ද වේ.
මීට අමතරව මෙහිදී ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ ඉෂාර සදරුවන් රිටි පැනීමේ ඉසව්වෙන් මීටර් 4.91 ක පිමිමක් පනිමින් එම ඉසව්වේ තම පරණ වාර්ථාව අලූත් කිරීමට සමත්විය. ඔහු සැප්තැම්බර් මස පැවති තායිලන්ත විවෘත මලල ක‍්‍රීඩා තරගාවලියේදී රිටි පිම්ම තවත් සෙන්ටිමීටරයකින් වැඩිදියුණු කිරීමට ඔහු මෙහිදී සමත්විය.
මෙම දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලෙ සදහා පැවති තේරීම් තරගවලියේදී තැබූ වාර්තා දෙකටම හිමිකම් කියන්නට ශ‍්‍රී ලංකා ගුවන් හමුදා මලල ක‍්‍රීඩා සංචිතය සමත්විය.
දකුණු ආසියානු ක‍්‍රීඩා තරගාවලිය 2016 පෙබරවාරි මස 06 දින සිට 16 දින දක්වා ඉන්දියාවේ ගුවාහටිහීදී පැවැත්වීමට නියමිතය.