
ගුවන් හමුදාධිපතිතුමන් සමග බංගලාදේශ නිල සංචාරයට, ගුවන් හමුදා සේවාවනිතා සභාපතිනිය එක්වෙයි
ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපතිතුමන්ගේ බංගලාදේශ නිළ සංචාරය සඳහා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී සමන්ති බුලත්සිංහල මහත්මියද එක් වූවාය. එහිදී සේවා වනිතා සභාපතිතුමිය බංගලාදේශ ගුවන් හමුදා කාන්තා සංවිධානය විසින් සංවිධෘනය කරන ලද විශේෂ අවස්ථාවන් කිහිපයකටම එක් වූවාය.
මෙහිදී සභාපතිතුමිය විසින් ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ ක‍්‍රියාකාරකම් පිළිබඳව අදහස් ඉදිරිපත් කරන ලදී. මෙහදී දෙපාර්ශවය අතර සමරු ඵලක හුවමාරුවක්ද සිදු කරන ලදී.









