පාකිස්ථාන අගමැති ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ ප‍්‍රභූ ප‍්‍රවාහන හෙලිකොප්ටර් යානාවකින් මහනුවරට
ශ‍්‍රී
ලංකාවේ සංචාරයක නිරත වෙන පාකිස්ථාන අග‍්‍රාමාත්‍ය නවාස් ෂරීෆ් මැතිිතුුමා
සහ බෙගම් කල්සූම් ෂරීෆ් මැතිණිය අද (2016 ජනවාරි 06) දින උදෑසන ශ‍්‍රී
ලංකා ගුවන් හමුදාවට අයත් ප‍්‍රභූ ප‍්‍රවාහන හෙලිකොප්ටර් යානයකින් මහනුවර
බලා පිටත්විය.
පාකිස්ථාන අග‍්‍රාමාත්‍යතුමන් කොළඹ ශී‍්‍ර ලංකා ගුවන් හමුදා කඳවුරු පරිශ‍්‍රය වෙත රතු පලස් මතින් පිළිගැනීම ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා විසින් සිදු කරන ලදී.
ගුවන් හමුදාවට අයත් එම් අයි 17 වර්ගයේ ප‍්‍රභූ ප‍්‍රවාහන හෙලිකොප්ටර් යානා දෙකකින් පාකිස්ථාන අග‍්‍රාමාත්‍යවරයා ඇතුළු ධූත පිරිස මහනුවර බලා පිටත්ව යන ලදි. මහනුවර ඓතිහාසික නගරයේ සංචාරයක නිරත වීමට නියමිත පාකිස්ථානව අග‍්‍රාමාත්‍යතුමන් එහිදී ශ‍්‍රී දළදා මාළිගාව වැඳපුදා ගැනීමට නියමිතය. තවද මහනුවර පිහිටි ඉස්ලාම් දේවස්ථානයක් සහ ජිනා මධ්‍යස්ථානයෙහි සංචාරය කරන පාකිස්ථාන අග‍්‍රාමාත්‍යතුමා එතුමන්ගේ සංචාරය සිහිවනු පිණිස ජේරාදෙනිය උද්භිත උද්‍යාන පරිශ‍්‍රයේ කරඳ පැලයක් සිටුවීමටද නියමිතය.