ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මුල්ලේරියාව රෝහලේ වාට්ටු අංක 03 හි සංචාරයක
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී සමන්ති බුලත්සිංහල මහත්මිය සහ ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සාමාජික සාමාජිකාවන්  මුල්ලේරියාව රෝහලේ වාට්ටු අංක 03 හි අද (2016 ජනවාරි මස 13) දින උදෑසන සංචාරයක නිරත විය.

එහිදී ගුවන් හමුදා කැලිප්සෝ සංගීත කණ්ඩායම ප‍්‍රතිකාර ලබන රෝගීන් වෙනුවෙන් සංගීතය සැපයූ අතර, ඔවුන් වෙනුවෙන් ආහාර පාන ලබාදීමක්ද සිදු කරන ලදී. එසේම මෙහිදී ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිතුමිය ඇතුළු සාමාජික සාමාජිකාවන් රෝගීන් සමග සතුට බෙදා ගත් අතර ඔවුන් වෙනුවෙන් ත්‍යාග පිරිනැමීමක්ද සිදු කරන ලදී.

මෙම වාට්ටුව කාන්තා වාට්ටුවක් වන අතර 1985 වසරේ සිට ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව මගින් එහි නඩත්තු කටයුතු සිදු කරනු ලබයි. ගුවන් හමුදා සේවා වනිතා ඒකකය වරින් වර මෙම වාට්ටුව සඳහා විවිධ ආධාර ලබා දෙන අතර ප‍්‍රථිකාර ලබන රෝගීන් වෙනුවෙන් විවිධ වූ විනෝදාත්මක වැඩසටහන් ද පවත්වනු ලබයි.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි