'විරුසර' වරප්‍රසාද කාඩ්පත එළිදැක්වීමේ උත්සවය
 යුද්ධයෙන් පීඩාවට පත්වූ උතුරු නැගෙනහිර පවුල්වලට සහ රණවිරු පවුල්වල දූ දරුවන් සදහා පිරිනැමෙන 'විරුසර' වරප්‍රසාද කාඩ්පත එළිදැක්වීමේ හා රුපියල් 50000 ක් වටිනා ශිෂ්‍යත්ව 100ක් ප්‍රධානය කිරීමේ උත්සවය අද (2016 ජනවාරි 25) වන දින අතිගරු ජනාධිපති මෛතීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියතහ මන්දිරයේදී පැවැත්විණ.

මෙම 'විරුසර' කාඩ්පත රණවිරුවන්ගේ මිල කල නොහැකි සේවය පිළිගැනීම හා ඔවුන්ට ප්‍රමුඛතාව ලබාදීමේ පදනම මත වෛද්‍ය , අහාර වර්ග , ප්‍රවාහන , රෝහල් ප්‍රතිකාර , ණය , අධ්‍යාපනික පාඨමාලා ආදි 45කට වැඩි රාජ්‍ය සහ පෙෘද්ගලික අංශ සේවා රැසකට පුළුල් පරාසයක ප්‍රතිලාභ ලබාදෙයි.

පළමු අදියරය යටතේ මියගිය සහ ආබාධිත වූ රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින් 300000 කට ප්‍රතිලාභ ලබාදෙනු ලබන අතර උතුරු නැගෙනහිර යුද්ධයෙන් පීඩාවට පත් සිංහල , දෙමළ හා මුස්ලිම් දූ දරුවන්ට ශිෂ්‍යත්ව 50ක් සහ යුධ වීරයන්ගේ පවුල්වල දූ දරුවන්ට ශිෂ්‍යත්ව 50ක්ද පිරිනමනු ලබයි.

ආරක්ෂක අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා , අමාත්‍යවරුන් ,  ත්‍රිවිධ හමුදාපතිවරුන් , අවතැන් වූ අබාධිත වූ රණවිරුවන්ගේ පවුල්වල සමාජිකයින් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.


 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි