අංක 03 ගුවන් ආරක්‍ෂක රේඩාර් බලඝණය සිය 09 වන සංවත්සරය සමරයි
වීරවිල ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කඳවුරේ පිහිටා ඇති අංක 03 ගුවන් ආරක්‍ෂක රේඩාර් බලඝණය සිය 09 වන සංවත්සරය 2016 පෙබරවාරි මස 01 වන දින අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් එම්ටීඑන් සල්ගාදු ගේ මූලිකත්වයෙන් සමරන ලදී.
සංවත්සරයට සමගාමීව 2016 ජනවාරි මස 31 වන දින කතරගම නැණසරණ ළමා සංවර්ධන මධ්‍යස්ථානයෙහි ශ‍්‍රමදාන වැඩසටහනක් සහ දානමය පුණ්‍යකර්මයක් සිදු කරන ලදී. අංක 03 ගුවන් ආරක්‍ෂණ රේඩාර් බලඝණයේ අණදෙන නිළධාරීතුමන් ඇතුළු බලඝණයේ සියළුම සාමාජිකයින් මෙම අවස්ථාවට සහභාගී වූහ.