68 වැනි ජාතික නිදහස් දින පෙළපාලියේ පෙර පුහුණුවීම්
වික්‍රමාන්විත වූ අරගලයකින් පසු යටත් විජිත බලවතුන්ගෙන් ශ්‍රී ලංකාද්වීපය බේරාගත් දිනය සිහිපත් කෙරෙන 68 වැනි ජාතික නිදහස් දින පෙළපාලිය 2016 පෙබරවාරි මස 04 වන දින ගාලූ මුවදොර පිටියේදී ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට සියලූ කටයුතු සූදානමින් පවතී.
මෙවර ජාතික නිදහස් දින පෙළපාලිය සදහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඉතා අභිමානවත් අන්දමින් සහභාගී වන අතර ගුවන් හමුදා නිළධාරීන් 60 දෙනෙක් , ගුවන් භටයින් 618 දෙනෙක් සහ නිළධාරීන් 02 දෙනෙකු සහ ගුවන් භටයින් 275 දෙනෙකුගෙන් සමන්විත වූ තූර්ය වාදක කණ්ඩායම් දෙකක් පෙළපාලිය සදහා එක්වීමට නියමිතය.
68 වැනි ජාතික නිදහස් දින පෙළපාලියේ පෙරහුරුවක් අද (2016 පෙබරවාරි 02) දින උදැසන පැවති අතර එය ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතාගේ ද නිරීක්ෂණයට ලක්විය.