12 වැනි දකුණු ආසියානු ක්රීඩා උළෙල නියෝජනය කල ශ්රී ලංකා ගුවන් හමුදා 2 වන කණ්ඩායම දිවයිනට
12 වැනි දකුණු ආසියානු ක්රීඩා උළෙල සඳහා ශ්රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ශ්රී ලංකා ගුවන් හමුදා ක්රීඩක ක්රීඩිකාවන්ගේ දෙවැනි කණ්ඩායම අද(2016 පෙබරවාරි 16) දින උදෑසන දිවයිනට පැමිනියහ.

ගුවන් හමුදා අධ්යක්ෂක මණ්ඩලයේ නීළධාරීන් , අනෙකුත් නිළධාරීන් සහ ගුවන් හමුදා ක්රීඩා කවුන්සලයේ නිළධාරීන් පිරිසක් ද බණ්ඩාරනායක ජාත්යන්තර ගුවන් තොටුපලේදී මාතෘ භූමියට කීර්තියක් අත්කර දුන් මෙම ක්රීඩක ක්රීඩිකාවන් ඉතා උණුසුම් අයුරින් පිළගන්නා ලදී.

පහත සඳහන් ක්රීඩක ක්රීඩිකාවන් දෙවන කණ්ඩායම ලෙස අද දිවයිනට පැමිණියහ.

මලළ ක්රීඩා
රන් පදක්කම් ලාභීන්
කෝප්රල් ඩබ්ලිව් පී මංජුල කුමාර - උස පැනීම - පිරිමි
නායක ගුවන් භට සන්දරුවන් එම් එච් අයි - රිටි පැනීම- පිරිමි
කෝප්රල් නිමාලි ඩබ් කේ එල් ඒ - 800මීටර් - කාන්තා
රිදී පදක්කම් ලාභීන්
නායක ගුවන් භට රණසිංහ ආර් එම් එස් ජේ - හෙල්ල විසිකිරීම - පිරිමි
ප්ලයින් ඔපිසර් ආර් එම් සී එස් රස්නායක - මීටර 400  - කාන්තා
ලෝකඩ පදක්කම් ලාභීන්
නායක ගුවන් භට ජයසිරි වී පී ඒ - දුර පැනීම - පිරිමි
නායක ගුවන් භට ප්රනාන්දු ඩබ් ටී කේ - යගුලිය විසිකිරීම - කාන්තා

කණ්ඩායම තරග - හොකී (රිදී පදක්කම)
නායක ගුවන් භට වීරබාහු ඩබ් එම් අයි පී
නායක ගුවන් භට ප්රභාෂිනී එච් වයි එස්
නායක ගුවන් භට පද්මසිරි පී ඒ සී ඩී
නායක ගුවන් භට වික්රමසිංහ කේ එම් එච් එස්
නායක ගුවන් භට තමියදාස කේ ඒ සී ටී

  
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි