විශේෂ විනෝදාත්මක වැඩසටහන නිදහස් චතුරශ්‍රයේ දී
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 65 වන සංවත්සරය සැමරීම වෙනුවෙන් සංවිධානය කල විශේෂ විනෝදාත්මක වැඩසටහන අද (2016 මාර්තු 01) දින සවස නිදහස් චතුරශ්‍රයේ දී පවත්වන ලදී.
මෙම වර්ණවත් සන්ධ්‍යාව ගුවන් හමුදා වර්ණ බළඝනයේ සරඹ සංදර්ශන, ගුවන් හමුදා නර්තන ශිල්පීන්ගේ නැගෙනහිර නැටුම් සංදර්ශන, ගුවන් හමුදා යුද හමුදා තූර්ය වාදක සංදර්ශන, ගුවන් හමුදා සංස්කෘතික සංදර්ශන හා ගුවන් හමුදා අංගම්පොර කණ්ඩායම විසින් පැවැත්වූ විශේෂ සංදර්ශන ආදී අංගයන් රැසකින් සමන්විත විය.
ජනාධිපති ලේකම් පී.බී.අබේකෝන් මහතා සහ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මහතා ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස මෙම අවස්ථාවට සහභාගි වූ අතර ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් කෝලිත ගුණතිලක මහතා, යුද හමුදාධිපතිතුමන්, නාවික හමුදාධිපතිතුමන් සහ ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහත, ගුවන් හමුදා අධ්‍යක්ෂක මණ්ඩලය, නිලධාරීන්, සෙසු නිළයන් හා සිවිල් වැසියන් විශාල පිරිසක් ද මෙම වර්ණවත් අවස්ථාවට සහභාගී වී සිටියහ.