ගුවන් හමුදා පාලවිය කදවුරු වාර්ෂික පිරිත් දේශනය සහ දානමය පිංකම
ගුවන් හමුදා පාලවිය කදවුරේ වාර්ෂික පිරිත් දේශනය සහ දානමය පිංකම 2016 මාර්තු 03 සහ 04 දෙදින ගුවන් හමුදා පාලවි කදවුරු අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් රොෂාන් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී.

මෙම පිංකම ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 65 වන සංවත්සරය සැමරීමට සමගාමීව සහ ගුවන් හමුදා පාලවි යුධ උපකරණ විශේෂඥ පුහුණු පාසලේ 04 වන සංවත්සරය නිමිත්තෙන් මියගිය රණවිරුවන්ට පින් අනුමෝදන් කිරීමේ අදහසින් සංවිධානය කරන ලදී.

මෙම උත්සවයේ ප්‍රධාන ආගමික කටයුතු කල්ලඩි , තම්බපණ්ණිය විහාරයෙහි විහාරාධිපති පූජ්‍ය නවගමුවේ මේධානන්ද ස්වාමීන් වහන්සේ විසින් සිදුකල අතර පුත්තලම දිස්ත්‍රික්කයේ විහාරස්ථාන 16 ස්වාමීන් වහන්සේලා ද ඊට සහභාගී විය.

පුත්තලම දිස්ත්රික්කයේ රාජ්‍ය නිලධාරීන්, සේවා පුද්ගලයින් හා සිවිල් කාර්ය මණ්ඩලය ද මෙම අවස්ථාව සඳහා සහභාගී විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි