පවුල් සම්බන්ධතා ගොඩනැඟීම සහ ළමා මානසික හා චර්යාත්මක කොන්දේසි පිළිබද තත්වයන් අවබෝධ කිරීමේ සමුළුවක්
ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් සංවිධානය කරන ලද පවුල් සම්බන්ධතා ගොඩනැඟීම සහ ළමා මානසික හා චර්යාත්මක කොන්දේසි පිළිබද තත්වයන් අවබෝධ කිරීම පිළිබඳ උපදේශන වැඩසටහනක්  2016 මර්තු මස 04 වැනිදා සීගිරිය ගුවන් හමුදා කදවුරේදී පැවැත්විණ.

මෙම වැඩසටහන ශ්‍රී ලංකා ගුවන් හමුදා සීගිරිය කඳවුරු අණදෙන නිළධාරි ගෲප් කැප්ටන් හර්ෂ ජයතිලක මහතාගේ මග පෙන්වීම යටතේ සේවා පුද්ගලයන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ මානසික සෞඛ්‍ය වැඩි දියුණු කිරීමේ අදහසින්  පවත්වන ලදී.

මනෝවෛද්‍ය ස්කොඩ්‍රන් ලීඩර් ඒ එච් එස් ප්‍රෙමරත්න විසින් පවත්වන ලද මෙම උපදේශන වැඩසටහනට කදවුරේ සියලුම නිලධාරීන්, සෙසු නිලයන් , සිවිල් කාර්ය මණ්ඩලය සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් ද සහභාගී විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි