වස විෂ නැති රටක් - නිදහස් අධ්‍යාපනික ප්‍රදර්ශනය කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී
''වස විෂ නැති රටක්'' වැඩසටහන යටතේ සංවිධානය කරන ලද නිදහස් අධ්‍යාපනික ප්‍රදර්ශනය කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී විවෘත විය.

ගොවිතැන් සදහා අතිශයින් විෂ සහිත කෘෂි රසායනික භාවිතය වැළැක්වීමේ අරමුණින් ආරම්භ කර ඇති මෙම තුන් අවුරුදු ජාතික වැඩසටහන ''වස විෂ නැති රටක්'' ලෙස නම් කරන ලදී.

ශ්‍රී ලංකා ගුවන් හමුදා විධායක කෘෂිකර්ම ඒකකය ද මෙම තිරසාර කෘෂිකාර්මික ප්‍රදර්ශනයට සහභාගී විය. ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා ද ගුවන් හමුදා ප්‍රදර්ශන කුටිය වෙත ගොස් ගුවන් හමුදා කෘෂිකර්ම ප්‍රමිතීන් අගය කළේය.


 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි