ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපතිතුමන් ඕස්ට්‍රේලියානු රාජකීය ගුවන් හමුදා ප්‍රධානියා හමුවෙයි
ඕස්ට්‍රේලියාවේ කැන්බරා හී පැවැත්වෙන රාජකීය ඕස්ට්‍රේලියානු ගුවන් හමුදාවේ "ගුවන් බල සතිය - 2016" වැඩසටහනට සහභාගී වී සිටින ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා ඕස්ට්‍රේලියානු රාජකීය ගුවන් හමුදා ප්‍රධානී එයාර් මාර්ෂල් ලියෝ ඩේව්ස්  මහතා හමුවිය. මෙම සංචාරය ඕස්ට්‍රේලියානු රාජකීය ගුවන් හමුදාව හා ශ්‍රී ලංකා ගුවන් හමුදාව අතර සබඳතා වැඩි දියුණු කිරීමට සමත් විය.

මෙහිදී දෙපාර්ශවයටම වැදගත් වන කරුණු පිළිබඳව සාකච්ඡා කිරීමෙන් අනතුරුව ඕස්ට්‍රේලියානු රාජකීය ගුවන් හමුදා ප්‍රධානී එයාර් මාර්ෂල් ලියෝ ඩේව්ස්  මහතා හා ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා අතර මෙම හමුවීම සිහිවීම පිණිස සමරුඵලක හුවමාරුවක්ද සිදුවිය.


 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි