ගුවන් හමුදාපතිතුමාගේ වාර්ෂික පරීක්ෂණය- ශ්‍රී ලංකා ගුවන් හමුදාව පාලවී
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හා ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක විසින් ශ්‍රි ලංකා ගුවන් හමුදාව පාලවී කදවුරේ ගුවන් හමුදාපති වාර්ෂික පරීක්ෂණය ඊයේ (09) පවත්වන ලදී.

එහිදී කදවුරු අණදෙන නිලධාරී විංග් කමාන්ඩර් රංජිත් ප්‍රේමචන්ද්‍ර විසින් ගුවන් හමුදාපතිතුමාව  කදවුරු පරිශ්‍රයට පිළිගත් අතර බලපන්ති ලුතිනන් එම්.එම් පී.එම් මාරසිංහ විසින් මාර්ග පෙළපාලියකින් ආචාර කරන ලදී.

පරීක්ෂ
කාලය තුලදී ගුවන් හමුදාපති විසින් ප්‍රධාන ආරක්ෂක මැදිරිය,බෝම්බ නිශ්ක්‍රීය අංශ ගොඩනැගිල්ල, සුභසාදක වෙළද සැල සහ ගුවන් භට බෝජනාගාරය සහ එහි ගොඩනැගිල්ලක්ද විවෘත කරන ලදී.  

පසුගිය වසර තුල කදවුරට වටිනා මෙහෙවරක් කල පහත සදහන් සේවා පුද්ගලයන් ගුවන් හමුදාපති සම්මානයෙන් පිදුම් ලැබීය.

15342  බලපන්ති සැරයන්  කරුණාතිලක එච්.කේ.එස්.කේ     (ජලනල කාර්මික 2 )
14946  සැරයන්  කුලරත්න පී.ටී.එස්     ( මෙහෙයුම් භූමි 1 )
සිවිල් සේවක දිනේෂ් ප්‍රියදර්ශන


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි