මියගිය රණවිරු පවුල්වලට සහ ආබාධිත රණවිරුවන් සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදා "සේවා වනිතා" ඒකකය සත්කාර කරයි.
ක්‍රියාකාරී සේවයේදී මියගිය රණවිරු පවුල්වල සාමාජිකයින්ට සහ ආබාධිත රණවිරුවන් සඳහා පහසුකම් සැපයීමේ අරමුණින් ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතාගේ මගපෙන්වීම යටතේ රණවිරු පවුල් සඳහා මූල්‍ය ප්‍රතිපාදන ද ආබාධිත රණවිරුවන් සඳහා කෘතිම අත් පා ද ඒවා මිලදී ගැනීම සඳහා මූල්‍ය ප්‍රතිපාදන ලබාදීම සිදුවිය.
මෙම පරිත්‍යාග උත්සවය ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිණී සමන්ති බුලත්සිංහල මහත්මියගේ ප්‍රධානත්වයෙන් ගුවන් හමුදා මූලස්ථානයේ සේවා වනිතා ඒකකයේදී 2016 මාර්තු 24 වන දින පවත්වන ලදී.
මියගිය රණවිරු පවුල්වලට සහ ආබාධිත රණවිරුවන් සඳහා මෙම මූල්‍ය සහන රණවිරු සුභසාධක අරමුදල(ර්WF)හරහා ලබාදීමට පියවර ගෙන ඇත.
වැඩබලන සුභසාධක අධ්‍යක්ෂ එයාර් වයිස් මාර්ෂල් කේ එෆ් ආර් ප්‍රනාන්දු ඇතුළු නිළධාරීන් පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී විය.