![](../uploads/news/cargo_transport_sauth_sudan/24.jpg)
දකුණු සුඩානයේ සහ මධ්‍යම අප්‍රිකාවේ එක්සත් ජාතීන්ගේ ගුවන් සේවා ඒකකයන්ට අත්‍යවශ්‍ය බඩු බාහිර රැගෙන ගිය ශ්‍රී ලංකා ගුවන් හමුදා සී-130 යානය යලි දිවයිනට
1:33pm on Wednesday 30th March 2016
ගුවන් හමුදාව විසින් ක්‍රියාත්මක එක්සත් ජාතීන්ගේ ගුවන් සේවා එකකයන්ට අවශ්‍ය බඩු බාහිර රැගත් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් සී-130 හර්කියුලිස් යානයක් 2016 මාර්තු මස 20 වන දින දකුණු සුඩානය හා මධ්‍යම අප්‍රිකාව බලා පිටත්විය. එම ඒකකයන් සදහා අවශ්‍යව තිබූ ගුවන් යානා අමතර කොටස් , යන්ත්‍ර සූත්‍ර, වෛද්‍ය හා ශල්‍යකර්ම උපකරණ , අත්‍යවශ්‍ය භාණ්ඩ ඇතුලුව කිලෝග්‍රෑම් 10799 ක ද්‍රව්‍ය ප්‍රමාණයක් රැගෙන ගිය මෙම යානය එම සංචාරය සාර්ථකව අවසන්කර පසුගියදා (2016 මාර්තු 24) වන දින නැවත දිවයිනට පැමිණෙන ලදී.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් මෙම සී-130 යානයෙහි ප්‍රධාන නියමුවා ලෙස විංග් කමාන්ඩර් අමිත ජයමහ කටයුතු කරනු ලැබූ අතර සහය නියමුවා ලෙස ස්කොඩ්‍රරන් ලීඩර් අයි එස් මල්ලවාරච්චි ද, අමතර ප්‍රධාන නියමුවා ලෙස විංග් කමාන්ඩර් ඩබ් පී ඒ එච් පෙරේරා , මගපෙන්වන්නා ලෙස ෆ්ලයිට් ලෙෆ්ටිනන් ආර් ජයම්පති , ගිණුම් නිළධාරී ලෙස ෆ්ලයිට් ලෙෆ්ටිනන් බී ජී කේ ඊ බම්ඹරැන්ද යන නිලධාරීන් කටයුතු කරනු ලැබීය. මීට අමතරව ප්‍රධාන බලලත් නිළධාරී එම් කේ ජේ සී කරුණාරත්න , බළලත් නිළධාරී ජේ සී එල් සී ප්‍රනාන්දු, බළලත් නිළධාරී එල් පී අධිකාරීආරච්චි , බලපන්ති සැරයන් අබේවීර ඒ , බලපන්ති සැරයන් අමරසිංහ ජේ එම් එස් ඩී යන අයද මෙම ගුවන් යානා කාර්‍යමණ්ඩලයට ඇතුලත්විය.
මෙම යානය විසින් ගෙනයනු ලැබූ ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 6739 ක් දකුණු සුඩානයේ ජූබා ගුවන් තොටුපළට ප්‍රවාහනය කල අතර මධ්‍යම අප්‍රිකාවේ බන්ගූයි ගුවන්තොටුපලට ගොඩබස්වා කිලෝග්‍රෑමි 4060 ක හෙලිකොප්ටර් අමතර කොටස් , අත්‍යවශ්‍ය යන්ත්‍රෝපකරණ , වාහන අමතර කොටස් සහ එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා යුධ හමුදා රෝහල සඳහා කිලෝ ග්‍රෑමි 195 ක් වූ වෛද්‍ය උපකරණ ද ප්‍රවාහනය කරනු ලැබීය. ඉන්පසුව නඩත්තු කටයුතු සහ ප්‍රතිසංස්කරණ කටයුතු කළයුතු හෙලිකොප්ටර් යානා අමතර කොටස් සහ අනෙකුත් මාරුකිරීම් සිදු කලයුතු භාණ්ඩ පටවාගත් ගුවන්යානය නැවත එම මාර්ගයේම පැමිණ 2016 මාර්තු මස 24 වැනි දින රාත්‍රී 8.45 ට පමණ ආරක්ෂිතව යලි දිවයිනට ළගාවිය.
ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් සී-130 ගුවන් යානා යොදාගෙන සිදුකල ඉතා සාර්ථක සැපයුම් මෙහෙයුමක් ලෙස මෙම මෙහෙයුම හැදින්විය හැකිය. මෙම මෙහෙයුම තුළින්, අප්‍රිකානු මහද්වීපය තුළ පිහිටුවා ඇති ශ්‍රී ලංකා යුධ හමුදා මෙහෙයුම් සහ ශ්‍රී ලංකා ගුවන් හමුදා ගුවන් සේවා ඒකකයන් හෙලිකොප්ටර් යානා අමතරකොටස්, යත්‍රෝපකරණ, අත්‍යවශ්‍ය භාණ්ඩ සහ වෛද්‍ය සැපයුම් කඩිනමින් සැපයීමේ හැකියාව සහ ශක්තිය තහුවරු කිරීමට සමත්විය.
2014 දෙසැම්බර් මාසයේ දී නේපාලයේ හා පාකිස්තානයේ ඇතිවූ භූමිකම්පාවන් සහ මාලදිවයිනේ ඇතිවූ ජල පිරිපහදු අර්බුද සිදුවීම් වැනි අවස්ථාවලදී ශ්‍රී ලංකා මානුෂීය ආධාර හා ආපදා සහන (එච් ඒ ඩී ආර්) මෙහෙයුම් වලටද ශ්‍රී ලංකා ගුවන් හමුදා සී-130 යානාවන් ප්‍රශංසනීය දායකත්වයක් දැක්වීය. අනාගතයේදී බලාපොරොත්තුවන මෙහෙයුම් ප්‍රමාණය අනුව ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා විසින් සිදුකරන එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවලට භටයින් , නිළධාරීන් හා ගුවන් මගීන් ප්‍රවාහනය කිරීමට සහ මෙහෙයුම් නොකඩවා පෝෂණය කිරීමටද ,මානුෂීය ආධාර හා ආපදා සහන (එච් ඒ ඩී ආර්) මෙහෙයුම් අවශ්‍ය පරිදි ක්‍රියාත්මක කිරීමට ද ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතු මෙම සී-130 ගුවන් යානාවන් ඉමහත් ශක්තියකි.

20th March 2016
![SLAF C-130 Fly to South Sudan and Central Africa](../uploads/news/cargo_transport_sauth_sudan/1.jpg)
![SLAF C-130 Fly to South Sudan and Central Africa](../uploads/news/cargo_transport_sauth_sudan/2.jpg)
![SLAF C-130 Fly to South Sudan and Central Africa](../uploads/news/cargo_transport_sauth_sudan/3.jpg)
![SLAF C-130 Fly to South Sudan and Central Africa](../uploads/news/cargo_transport_sauth_sudan/4.jpg)
![SLAF C-130 Fly to South Sudan and Central Africa](../uploads/news/cargo_transport_sauth_sudan/5.jpg)
![SLAF C-130 Fly to South Sudan and Central Africa](../uploads/news/cargo_transport_sauth_sudan/6.jpg)
![SLAF C-130 Fly to South Sudan and Central Africa](../uploads/news/cargo_transport_sauth_sudan/7.jpg)
22nd March SLAF - Bangui airport in Central Africa
![SLAF C-130 Proves Success in Resupply Missions to Aviation Units in South Sudan and Central African Republic](../uploads/news/cargo_transport_sauth_sudan/25.jpg)
![SLAF C-130 Proves Success in Resupply Missions to Aviation Units in South Sudan and Central African Republic](../uploads/news/cargo_transport_sauth_sudan/26.jpg)
![SLAF C-130 Proves Success in Resupply Missions to Aviation Units in South Sudan and Central African Republic](../uploads/news/cargo_transport_sauth_sudan/27.jpg)
![SLAF C-130 Proves Success in Resupply Missions to Aviation Units in South Sudan and Central African Republic](../uploads/news/cargo_transport_sauth_sudan/28.jpg)
![SLAF C-130 Proves Success in Resupply Missions to Aviation Units in South Sudan and Central African Republic](../uploads/news/cargo_transport_sauth_sudan/29.jpg)
![SLAF C-130 Proves Success in Resupply Missions to Aviation Units in South Sudan and Central African Republic](../uploads/news/cargo_transport_sauth_sudan/30.jpg)
![SLAF C-130 Proves Success in Resupply Missions to Aviation Units in South Sudan and Central African Republic](../uploads/news/cargo_transport_sauth_sudan/31.jpg)
![SLAF C-130 Proves Success in Resupply Missions to Aviation Units in South Sudan and Central African Republic](../uploads/news/cargo_transport_sauth_sudan/32.jpg)
![SLAF C-130 Proves Success in Resupply Missions to Aviation Units in South Sudan and Central African Republic](../uploads/news/cargo_transport_sauth_sudan/33.jpg)
24th March 2016
![SLAF C-130 Fly to South Sudan and Central Africa](../uploads/news/cargo_transport_sauth_sudan/8.jpg)
![SLAF C-130 Fly to South Sudan and Central Africa](../uploads/news/cargo_transport_sauth_sudan/9.jpg)
![SLAF C-130 Fly to South Sudan and Central Africa](../uploads/news/cargo_transport_sauth_sudan/10.jpg)
![SLAF C-130 Fly to South Sudan and Central Africa](../uploads/news/cargo_transport_sauth_sudan/11.jpg)
![SLAF C-130 Fly to South Sudan and Central Africa](../uploads/news/cargo_transport_sauth_sudan/12.jpg)
![SLAF C-130 Fly to South Sudan and Central Africa](../uploads/news/cargo_transport_sauth_sudan/13.jpg)
![SLAF C-130 Proves Success in Resupply Missions to UN Aviation Units in South Sudan and Central Africa](../uploads/news/cargo_transport_sauth_sudan/14.jpg)
![SLAF C-130 Proves Success in Resupply Missions to UN Aviation Units in South Sudan and Central Africa](../uploads/news/cargo_transport_sauth_sudan/15.jpg)
![SLAF C-130 Proves Success in Resupply Missions to UN Aviation Units in South Sudan and Central Africa](../uploads/news/cargo_transport_sauth_sudan/16.jpg)
![SLAF C-130 Proves Success in Resupply Missions to UN Aviation Units in South Sudan and Central Africa](../uploads/news/cargo_transport_sauth_sudan/17.jpg)
![SLAF C-130 Proves Success in Resupply Missions to UN Aviation Units in South Sudan and Central Africa](../uploads/news/cargo_transport_sauth_sudan/18.jpg)
![SLAF C-130 Proves Success in Resupply Missions to UN Aviation Units in South Sudan and Central Africa](../uploads/news/cargo_transport_sauth_sudan/19.jpg)
![SLAF C-130 Proves Success in Resupply Missions to UN Aviation Units in South Sudan and Central Africa](../uploads/news/cargo_transport_sauth_sudan/20.jpg)
![SLAF C-130 Proves Success in Resupply Missions to UN Aviation Units in South Sudan and Central Africa](../uploads/news/cargo_transport_sauth_sudan/21.jpg)
![SLAF C-130 Proves Success in Resupply Missions to UN Aviation Units in South Sudan and Central Africa](../uploads/news/cargo_transport_sauth_sudan/22.jpg)
![SLAF C-130 Proves Success in Resupply Missions to UN Aviation Units in South Sudan and Central Africa](../uploads/news/cargo_transport_sauth_sudan/23.jpg)
![SLAF C-130 Proves Success in Resupply Missions to UN Aviation Units in South Sudan and Central Africa](../uploads/news/cargo_transport_sauth_sudan/24.jpg)