"අනාගතයේ ඇරඹුම" ශ්‍රී ලංකා ගුවන් හමුදා සීගිරිය පරිශ්‍රයේ දී ඇරඹේ
ජාතික තරුණ සේවා සභාව විසින් සංවිධානය කරන "යොවුන්පුරය" තරුණ කඳවුර "අනාගතයේ ඇරඹුම" යන තේමාව ඔස්සේ අද 2016 මාර්තු මස 30 වන දින තරුණ තරුණියන් 5000 කගේ සහභාගීත්වයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදා සීගිරිය කදවුරු පරිශ්‍රයේදී ආරම්භ කරන ලදී.
මෙම තරුණ තරුණියන්ගේ කඳවුර සාර්ථකව පැවැත්වීම සඳහා අවශ්‍ය පරිපාලන සහාය සහ අනෙකුත් යටිතල පහසුකම් සීගිරිය ගුවන් හමුදා කඳවුරින් සපයනු ලබයි. ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා ද මෙම තරුණ තරුණියන්ගේ කඳවුරෙහි ප්‍රගතිය පරීක්ෂා කිරීමට 2016 මාර්තු මස 29 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදාව සීගිරිය කදවුරෙහි සංචාරයක නිරත විය.
ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරී ගොඩබිම් මෙහෙයුම් ආරක්ෂක එයාර් කොමඩෝර් නිෂේන් අබේසිංහ, අණදෙන නිලධාරී ගෲප් කපිතාන් හර්ෂ ජයතිලක ඇතුළු සීගිරිය ගුවන් හමුදා කදවුරේ නිලධාරීන්, සෙසු නිලයන් හා සිවිල් සේවකයින් පිරිසක් මෙම අවස්ථාව සාර්ථක කරගැනීම සඳහා සහාය විය.