මීරිගම ගුවන් හමුදා කඳවුරේ ගුවන් ආරක්ෂණ අණ සහ පාලන මධ්‍යස්ථානය සිය 10 වන සංවත්සරය සමරයි
මීරිගම ගුවන් හමුදා කඳවුරේ ගුවන් ආරක්ෂණ අණ සහ පාලන මධ්‍යස්ථානය සමාජ, ආගමික හා විනෝදාත්මක කටයුතු වලට ප්‍රමුඛත්වයක් ලබාදෙමින්  සිය 10 වන සංවත්සරය 2016 මාර්තු මස 29 වන දින සමරන ලදී. 2006 මාර්තු මස 29 වැනි දින කටුනායක ගුවන් හමුදා කඳවුරේදී ආරම්භකරන ලද ගුවන් ආරක්ෂණ අණ සහ පාලන මධ්‍යස්ථානය 2013 වර්ෂයේ දී ශ්‍රී ලංකා ගුවන් හමුදා මීරිගම කඳවුරේ නැවත පිහිටුවා තිබේ.

සංවත්සර වැඩසටහන් මාලාව යටතේ 2016 මාර්තු මස 27 වැනි දින ශ්‍රමදාන ව්‍යාපාරයක් බදුරගොඩ ධර්මාශෝක මහා විද්‍යාලයේ දී පවත්වන ලද අතර 2016 මාර්තු මස 28 වැනි දින බහු ආගමික උත්සවයක් කඳවුරේ සියලු සේවා පුද්ගලයින්ගේ සහභාගීත්වයෙන් අණදෙන නිලධාරී ගෲප් කපිතාන් ඕ ඒ එන් එස් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් සංවිධානය කර තිබිණ.

ඒකකයේ සියලුම සේවා පුද්ගලයින්ගේ සහභාගීත්වයෙන් සංවත්සර දින සමරුම් වැඩ පෙළපාලිය සහ උදෑසන භෝජන සංග්‍රහයක් 2016 මාර්තු මස 29 වැනි දින පවත්වන ලද අතර පසුව ඔවුන්ගේ සහභාගීත්වයෙන් සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලියක් ද පැවැත්විණ.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි