සමස්ථ ලංකා විවෘත අත්පන්දු තරඟාවළියේ ශූරතාවය ගුවන් හමුදාවට
ගුවන් හමුදා පිරිමි අත්පන්දු කණ්ඩායම තම ආධිපත්‍යය
තවදුරටත් රැකගනිමින්පසුගිය ජුලි 10 සහ 11 යන දෙදින තුළදි නොරොච්චෝලේදි
පැවැත්වුණු සමස්ථ ලංකා විවෘත අත්පන්දු තරඟාවලියේ ශූරතාවය දිනා ගැනීමට
සමත්කම් දක්වන ලදී.
මෙම තරඟාවළිය සඳහා දිවයිනේ නම් දැරූ කණ්ඩායම් රැසක් සහභාගී වුණු අතර එහිදි ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව අවසන් පූර්ව තරඟයේදී නාවික හමුදා කණ්ඩායම පරදවා අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබූ අතර අවසන් මහා තරඟයේදී ජාතික තරුණසේවා සභා කණ්ඩායම තරඟ වට 3 - 2 (25-20, 29-27, 17-25, 18-25, 15-13) ක් ලෙස පරාජය කරමින් තරඟාවළියේ ශූරතාවය දිනා ගන්නා ලදී.
මෙහිදී අවසන් තරඟයේ දක්‍ෂතම ක‍්‍රීඩකයා ලෙස ගුවන් හමුදා කණ්ඩායමේ නිමල් චතුරංග තේරී පත්වනු අතර දක්‍ෂතම පන්දු ඔසවන්නා ලෙස ගුවන් හමුදා කණ්ඩායමේ නායක කෝප‍්‍රල් ජගත් සේනාධීර සම්මාන දනා ගන්නා ලදී.
මෙම ජයග‍්‍රහණය වෙනුවෙන් ගුවන් හමුදා පාලවිය කඳවුරේ අංක 05 රේඩාර් බළඝණයේඅණදෙන නිලධාරී බලඝණ නායක රොහාන් ජයසුන්දරගේ මෙහෙයවීමෙන් සුවිශාල දිරිගැන්වීමක් ලබා දෙන ලදී.