
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා අන්තර් ඒකක හොකී තරගාවලිය - 2016
ශී‍්‍ර ලංකා ගුවන් හමුදාව විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ගුවන් හමුදා අන්තර් ඒකක හොකී තරඟාවලිය ඒකල ගුවන් හමුදා කදවුරු හොකී කි‍්‍රඩාංගනයේදී 2016 අප්‍රෙල් මස 05 වන දින පැවැත්විණි. මේ සදහා ගුවන් හමුදා කඳවුරු නියෝජනය කරමින් හොකී කණ්ඩායම් 12 ක් පමණ සහභාගී වූ අතර පිරිමි අවසන් තරඟය සඳහා කටුනායක ගුවන් හමුදා කඳවුරු රෙජිමේන්තු පක්ෂාංග කණ්ඩායම සහ අනුරාධපුර ගුවන් හමුදා කඳවුරු කණ්ඩායම සුදුසුකම් ලැබීය. කාන්තා අවසන් තරඟය සදහා ඒකල ගුවන් හමුදා කඳවුරු කණ්ඩායම සහ කටුනායක ගුවන් හමුදා කඳවුරු කණ්ඩායම සුදුසුකම් ලැබීය.
මෙම තරඟාවලියේ පිරිමි ශූරතාවය කටුනායක ගුවන් හමුදා කඳවුරු රෙජිමෙන්තු පක්ෂාංගය හිමිකරගත් අතර අනුශූරතාවය අනුරාධපුර ගුවන් හමුදා කදවුර විසින් හිමිකර ගන්නා ලදී.
කාන්තා අුංශයේ ශුරතාවය ඒකල ගුවන් හමුදා කඳවුරු කණ්ඩායම හිමිකරගත් අතර කටුනායක ගුවන් හමුදා කඳවුරු කණ්ඩායම අනුශුරතාවය හිමිකර ගන්නා ලදී.
කුසලාන හා සහතිකපත් ප‍්‍රධානෝත්සවය සඳහා ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානි එයාර් වයිස් මාර්ෂල් රනිල් ගුරුසිංහ මහතා ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ අතර ගුවන් හමුදා අධක්ෂක මණ්ඩලයේ නිළධාරීන්, අනෙකුත් නිළධාරීන් සහ සෙසු නිළයන් රැුසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.































