අංක 2 මොටර් රථ කාර්මික හා නඩත්තු කිරීමේ පක්‍ෂාංගය සිය දෙවන සංවත්සරය සමරයි
වව්නියාව ගුවන් හමුදා කඳවුරේ පිහිටි අංක 02 මෝටර් රථ කාර්මික හා නඩත්තු කිරීමේ පක්‍ෂාංගය සිය දෙවන සංවත්සරය පසුගිය අපේ‍්‍රල් මස 28 වන දින සමරන ලදී.

පක්‍ෂාංග අණදෙන නිළධාරීතුමන්ගේත්, නිලධාරීන්, සෙසු නිළයන්ගේත් සහ සිවිල් කාර්ය මණ්ඩලයේත් අප‍්‍රතිහත උත්සාය සහ කැපවීම මත මෙම පක්‍ෂාංගය ඉතා ඉක්මණින් ගුවන් හමුදාවේ අනෙකුත් පක්‍ෂාංගයන් හා සමව ක‍්‍රියා කරන කාර්යක්‍සම පක්‍ෂාංගයක් බවට පත්කිරීමට හැකි වී තිබේ.

සංවත්සර සැමරුම අරඹමින් ඉසින් බැස්සගල විහාරයේ බෝධි පූජාවක් සහ ශ‍්‍රී සිත්ති විනයාකර් කෝවිලේ පූජාවක් පවත්වන ලදී. අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් චරිත් බෝධිසීලගේ මූලිකත්වයෙන් පක්‍ෂාංගයේ නිළධාරීන්, සෙසු නිළයන් සහ සිවිල් කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් ක‍්‍රීඩා අංශ කිහිපයක් පවත්වන ලදී. සංවත්සර දිනය නිමා කරමින් රාත‍්‍රි භෝජන සංගහයක් පවත්වන ලද අතර කඳවුරු අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් උදේනි රාජපක්‍ෂ ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් එයට සහභාගී විය. අනෙකුත් පක්‍ෂාංගයන් හි අණදෙන නිළධාරීන්, අංශ භාර නිළධාරීන්ද මේ අවස්ථාවට අනෙකුත් ආරාධිතයින් ලෙස එක් වූහ.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි