සීගිරිය ගුවන් හමුදා කඳවුර ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්‍ෂණයට
ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා සීගිරිය ගුවන් හමුදා කඳවුරේ 2016 වසරේ ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්‍ෂණය අද (2016 මැයි මස 13) දින පවත්වන ලදී.

කඳවුරු අණදෙන නිළධාරී ගෘාප් කැප්ටන් එල්එච්එන් ජයතිලක විසින් ගුවන් හමුදාධිපතිතුමන් කඳුවරු පරිශ‍්‍රය වෙත පිළගන්නා ලද අතර ෆ්ලයිට් ලෙෆ්ටිනන්ට් එන්පී මෙන්ඩිස් විසින් අණදුන් මාර්ග පෙළ ඛණ්ඩය විසින් ගුවන් හමුදාධිපති උත්තමාචාර පුද කරන ලදී.

කඳවුරු පරීක්‍ෂණය අතරතුරදී ගුවන් හමුදාධිපතිතුමන් කඳවුරේ සියළුම ස්ථාන නිරීක්‍ෂණය කරන ලද අතර පරීක්‍ෂණය අවසානයේ සියළු නිළයන් අමතන ලදී. එහිදී ගුවන් හමුදාධිපතිතුමන් විසින් ගුවන් හමුදාධීපතිතුමන්ගේ වාර්ෂික පරීක්‍ෂණය වෙනුවෙන් කඳවුර සූදානම් කිරීම පිළිබඳව මෙන්ම ගුවන් හමුදාවේ සහ කඳවුරේ අභීවෘත්ධිය වෙනුවෙන් තම කැපවීමෙන් ක‍්‍රියාකරන සියළුම දෙනා හට සුභ පැතමද සිදු කරන ලදී.

මෙහිදී 16534 බලලත් නිළධාරී බීඒපී ජයවර්ධන , 21721 කේප‍්‍රල් දිසානායක ඩීඑම්ආර් සහ ආර්06667 කෝප‍්‍රල් චන්ද‍්‍රසේන ඒ හට ගුවන් හමුදාධිපති සම්මාන ප‍්‍රදානය කරන ලදී.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි