ශ්‍රී ලංකා ගුවන් හමුදාව මීගමුව පිටිපන මුහුදේදී අනතුරටපත් ධීවරයින් දෙදෙනෙකු බේරා ගනී
ඛෙල් 412 හෙලිකොප්ටර් යානාවක් යොදා ගනිමින් ශ්‍රී ලංකා ගුවන් හමුදා ජීවිත බේරා ගැනීම් කණ්ඩායම විසින් මීගමුව පිටිපන මුහුදේදී අනතුරට පත් බෝට්ටුවක සිටි ධීවරයින් දෙදෙනෙකු (ජුඩි රංජිත් සහ ටිරෝන්) නිරුපද්‍රිතව බේරා ගැනීමට සමත් විය.

කටුනායක ගුවන් හමුදා කදවුරේ කදවුරු අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් සාගර කොටකදෙණිය මහතාගේ උපදෙස් පරිදි රත්මලාන ගුවන් හමුදා කදවුරේ අංක 04 බලඝණයේ ගුවන් සේවක පිරිස සහ 04 දෙනෙකුගෙන් යුත් ජීවිත බේරා ගැනීමේ කණ්ඩායම් සහභාගීත්වයෙන් මෙම මෙහෙයුම සාර්ථකව සිදු කරන ලදී.




SEE VIDEO

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි