ශ්‍රී ලංකා ගුවන් හමුදාව ආපදා සහන මෙහෙයුම් සදහා නිරතුරුව සූදානමින්
ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතු එම්අයි-17 , බෙල් 212 සහ බෙල් 412 වර්ගයේ හෙලිකොප්ටර් යානා සහ ආපදා සහන මෙහෙයුම් කණ්ඩායම් ගුවන් හමුදා අනුරාධපුර, හිගුරක්ගොඩ, රත්මලාන සහ පලාලි යන කඳවුරු කේන්ද්‍ර කරගනිමින් ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා නිරතුරුව සූදානමින් සිටින අතර ශ්‍රී ලංකා ගුවන් හමුදා ගිනි නිවීම් ඒකකය, රෙජිමේන්තු විශේෂ බලකා භටයින් , නිලධාරීන් සහ අනෙකුත් ගුවන් භටයින්ගෙන් සමන්විත ජීවිතාරක්ෂක සහ ගලවා ගැනීමේ කණ්ඩායම් ද මෙහෙයුම් සඳහා සූදානමින් සිටී.

අද (2016 මැයි 17) දින ගුවන් හමුදා පාලවි කඳවුරේ සිට එම්අයි-17 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් සමග කණ්ඩායමක් පුත්තලම තබ්බෝව ප්‍රදේශයේ ආපදා සහන මෙහෙයුමක් දියත් කල අතර එහිදී ගංවතුරින් කොටු වී සිටි සිවිල් වැසියන් 8 දෙනෙකු පළමු මෙහෙයුමෙන් නිරුපද්‍රිතව බේරාගැනීමෙන් පසුව ඔවුන් ආරක්ෂිත ස්ථාන කරා යොමු කරන ලදී.

ශ්‍රී ලංකා ගුවන් හමුදා අනුරාධපුර කඳවුරේ අංක 06 හෙලිකොප්ටර් බලඝණයේ ෆ්ලයිට් ලෙෆ්ටිනන්ට් එම් එන් ආර් එස් ගුණවර්ධන (නියමු ), ස්කොඩ්‍රන් ලීඩර් ඩබ් ඒ මාපටුන (සහය නියමු), බලලත් නිලධාරී විජේරත්න (ගුවන් අවිකරු), බලපන්ති සැරයන් පුෂ්පකුමාර (ගුවන් ගමන් ඉංජිනේරු), බලපන්ති සැරයන් රාජපක්ෂ ( අවිකරු ), සැරයන් ධර්මසිරි (ලෝඩ් මාස්ටර්), සැරයන් බණ්ඩාර ( අවිකරු ), කෝප්රල් කරුණාරත්න ( අවිකරු ), කෝප්‍රල් සඳරුවන් ( අවිකරු ), නායක ගුවන් භට කුලරත්න ( අවිකරු ), නායක ගුවන් භට එදිරිසිංහ ( අවිකරු ), නායක ගුවන් භට වනිගසූරිය ( අවිකරු ), නායක ගුවන් භට කුමාර ( අවිකරු ) සහ නායක ගුවන් භට ජයසුන්දර (ඡායාරූප ශිල්පී) යන පිරිස මෙම ගලවා ගැනීමේ මෙහෙයුම සඳහා සහභාගී වූහ. ශ්‍රී ලංකා ගුවන් හමුදා අනුරාධපුර කඳවුරු අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් බන්දු එදිරිසිංහ, අංක 6 හෙලිකොප්ටර් බලඝණයේ වැඩබලන අණදෙන නිලධාරී  විංග් කමාන්ඩර් සේනක කුලතුංග සහ ගුවන් හමුදා පාලවි කඳවුරු අණදෙන නිලධාරී විංග් කමාන්ඩර් රොෂාන් ගුණවර්ධන ඇතුලු පිරිස මෙම ගලවා ගැනීමේ මෙහෙයුම සම්බන්ධීකරණය කළේය.



SEE VIDEO
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි