ඉරණමඩු ගුවන් හමුදා කඳවුරේ පිහිටි ගුවන් ආරක්‍ෂණ අවිකරු පුහුනු පාසල සිය 5 වන සංවත්සරය සමරයි
ඉරණමඩු ගුවන් හමුදා කඳවුරේ පිහිටි ගුවන් ආරක්‍ෂණ අවිකරු පුහුනු පාසල සිය 5 වන සංවත්සරයපසුගිය 2016 මැයි මස 21 වන දින සමරන ලදී.

සංවත්සරය සමරමින් කිලිනොච්චියේ පිහිටි වැඩිහිටි නිවාසයේ  වැඩිහිටියන් හට දිවා ආහාර වේලක් ලබා දීම සිදු කරන ලදී. එසේම   කඳවුරු වැඩබලන අණදෙන නිළධාරී ස්කොඩ්රන් ලීඩර් පීයූජී පේ‍්‍රමතුංගගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ ඉරණමඩු ගුවන් හමුදා කඳවුරු පරිශ‍්‍රයේ සුමධුර දහම් දේශනයක්ද පවත්වන ලදී. නිළධාරීන් සෙසු නිළයන් ඇතුළු රැුසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි