ශී‍්‍ර ලංකා ගුවන් හමුදා වව්නියාව කදවුරේ අංක 111 නියමුවන් රහිත ගුවන්යානා බලඝණය සිය 08 වන සංවත්සරය සමරයි
වව්නියාව ගුවන් හමුදා කදවුරේ අංක 111 නියමුවන් රහිත ගුවන්යානා බලඝණය 2016 ජුනි මස 01 වන දින සිය 08 වන සංවත්සරය සමරනු ලැබීය.

බලඝණ දිනයට සමගාමීව 2016 ජුනි මස 01 දින පැවැත්වූ පෙළපාලිය අණදෙන නිළධාරී විංග් කමාණ්ඩර් මංජුල අබේවික‍්‍රම විසින් පරීක්‍ෂා කරන ලදි.

2015 වර්ෂය තුල බලඝණය සදහා සිදු කරන ලද දායකත්වය ඇගයීමට ලක් කරමින් 32983 කෝප‍්‍රල් අබේකෝන් ඞීඑමිපීආර් (ගුවන් ඉංජිනේරු ශීල්පී) 33149 කෝප‍්‍රල් දසනායක (ගුවන්යානා සැකිලි ශිල්පී) 33395 නායක ගුවන් භට දිසානායක එච්ජීජී (අවිකරු) යන අය හට කුසලතා සහතිකපත් 03 ක් පිරිනැමූ අතර 42986 නායක ගුවන් භට දසනායක එස්එම්යූකේ (පිරිපාලන සහායක) විසින් සෑම වසරකම පිරිනමනු ලබන වසරේ හොදම ගුවන් භටයාට හිමි සමිමානය 2015 වර්ෂය වෙනුවෙන් හිමි කර ගන්නා ලදි.

බලඝණ දිනය අවසානයේ පැවැත්වූ කි‍්‍රකට් තරගාවලියේ ආරාධිතතයා ලෙස වව්නියාව කදවුරේ අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් උදේනි රාජපක්‍ෂ සහභාගී විය.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි