ශී‍්‍ර ලංකා ගුවන් හමුදාව ලෝක සාගර දිනය සැමරීම සදහා එක්වෙයි
ලෝක සාගර දිනය යෙදී තිබෙන අද (2016 ජුනි 08) නිරෝගීමත් සාගරයක් තුලින් නිරෝගීමත් රටක් තේමා කර ගනිමින් සංවිධානය කර තිබු උත්සවය සදහා ශී‍්‍ර ලංකා ගුවන් හමුදාවද එක්ව සිටියහ.

මෙම ජාතික උත්සවය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් විහාර මහාදේවි එළිමහන් රංග ශාලාවේදී පවත්වන ලදි.
 
මෙම උත්සවය දැනුවත් කිරීම සදහා විහාර මහාදේවි උද්‍යානයේ සිට ගාලු මුවදොර පරිශ‍්‍රය වෙත පා ගමනක්ද සංවිධානය කරන තිබුණි.

ආරක්‍ෂක අමාත්‍යංශ ලේකම් ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි, ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල,  නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද‍්‍ර විජේගුණරත්න, නිළධාරීන් සහ සෙසු නිළයන් ඇතුලු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි