ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨ කදවුරේ වාර්ෂික පරීක‍ෂණය 2016
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා විසින් පසුගිය ජූනි මස 10 වන දින චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨ කදවුරේ සිය වාර්ෂික පරීක‍ෂණය සිදු කරන ලදී.

චීන වරාය විද්‍යාපීඨ කඳවුරේ පිඨාධිපති එයාර් කොමඩෝර් රවී ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කඳවුරු පරිශ්‍රයට ගුවන් හමුදාධිපතිතුමන් පිලිගන්නා ලදී.

කඳවුරු පරිශ්‍රය ආවරණය වන පරිදි ගුවන් හමුදාධිපතිතුමන්ගේ පරීක්‍ෂණය පැවැත්වූ අතර කණිෂ්ඨ අණ නොලත් නිළධාරීන්ගේ කළමණාකරන පාසලේ අළුතින් ඉදිකරන ලද පරිපාලන ගොඩනැගිල්ල විවෘත කිරීම සිදු කරන ලදී. ගුවන් හමුදාව වෙනුවෙන් පසුගිය වර්ෂය තුළ කල විශිෂ්ඨ සේවාව වෙනුවෙන් 24070 සැරයන් දිසානායක ඩීඑම්එස්සී, 24454 සැරයන් කුමාර එම්ජීටීඒ සහ 24462 සැරයන් සිල්වා එස්ඒඅයිපී  ගුවන් හමුදාධිපතිතුමන්ගේ ඇගයීමට ලක්විය.

කඳවුරේ සියලුම නිළයන්ගේ සහභාගීත්වයෙන් දිවා භෝජන සංග්‍රහය ගුවන් භට භෝජනාගාරයේදී පැවැත්වීමෙන් අනතුරුව ගුවන් හමුදාධිපතිතුමන් සියලු දෙනා අමතමින් කඳවුරේ සිදු කර ඇති සියලු කාර්යයන් සහ ඒ සඳහා දායක වූ සියලූ දෙනාට ස්තුතිය පල කරන ලදී.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි