දකුනු සුඩානයේ සාම සාධක රාජකාරීන්හි නිරතව සිටි ශ‍්‍රී ලංකා ගුවන් හමුදා පළමු බල ඇණියේ දෙවන කණ්ඩායම යළි දිවයිනට
දකුණු සුඩානයේ සාම සාධක රාජකාරීන්හි නිරතව සිටි ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් බළඝනයේ  පළමු බල ඇණියේ දෙවන භට කණ්ඩායම පසුගිය ජූනි මස 21 වන දින යළි දිවයිනට ලඟා විය. මෙම පළමු බල ඇණිය අණදෙන නිලධාරීවරයා වශයෙන්  විංග් කමාන්ඩර් විශ්ව සමන්ත කටයුතු කරන ලදී.

මෙම කණ්ඩායම ගුවන් හමුදා සාමාජිකයින් 49 දෙනෙකුගෙන් සමන්විත වුණු අතර ඔවුන් මාස 12 සාම සාධක සේවා කාළයක් සම්පූර්ණ කොට යළි දිවයිනට පැමිණෙන ලදී.

මෙම කණ්ඩායම වෙනුවට පසුගිය ජූනි මස 20 වන දින දෙවන බල ඇණියේ දෙවන කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යන ලදී.

කටුනායක ගුවන් හමුදා කඳවුරු අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් සාගර කොටකදෙණිය, ගුවන් හමුදා ගුවන් යානා ඉංජිනේරු නියෝජ්‍ය අධ්‍යක්‍ෂක එයාර් කොමඩෝර් ඇන්ඩෲ විජේසූරිය, භූමි මෙහෙයුම් මාණ්ඩලික නිලධාරී 1 එයාර් කොමඩෝර් නිරෝෂන් අබේසිංහ, නිළධාරීන් සහ දිවයිනට පැමිණි ගුවන් හමුදා සාමාජිකයන්ගේ ඥාතීන් රැසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි