එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා සේවයේ සිටියදී දිවි පිදූ ශ්‍රී ලංකා ගුවන් හමුදා විරුවාට උපහාර
එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා සේවයේ යෙදී සිටියදී දිවි පිදූ ශ්‍රී ලංකා ගුවන් හමුදා කෝප්‍රල් එම්.කේ.බණ්ඩාර ඇතුළු සාම සාධක භටයෝ 97දෙනෙක් ඇමරිකාවේ නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ භාවනා කලාපයේ දී සම්මාන ලදහ.

ජගත් මහ ලේකම් බෑන් කී මූන් හා ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නියෝජිත ආචාර්ය රොහාන් පෙරේරා මේ අවස්ථාවට එක්වූහ.

කෝප්‍රල් බණ්ඩාර වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ උපදේශක මේජර් ජනරාල් උභය මැදවල සම්මාන පදක්කම පිළිගත්තේය.
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි