09 වැනි ආරක්ෂක සේවා කායවර්ධන තරඟාවලියේ ජය ශ්‍රී ලංකා ගුවන් හමුදාවට
ශ්‍රී ලංකා ගුවන් හමුදා කායවර්ධකයින් 09 වැනි ආරක්ෂක සේවා කායවර්ධන තරඟාවලියේ සමස්ථ ශූරතාවය දිනා ගැනීමට සමත් විය. 2016 ජුනි මස 23 වැනි දින පනාගොඩ ශ්‍රී ලංකා යුධ හමුදා ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වුණු මෙම තරඟාවලියේදී ගුවන් හමුදා කණ්ඩායම රන් පදක්කම් 04ක්, රිදී පදක්කම් 03ක් හා ලෝකඩ පදක්කම් 03ක් ලබාගනිමින්  ජය හිමිකර ගැනීමට සමත්විය.   

ශ්‍රී ලංකා යුධ හමුදා පොලිස් බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් නන්දන උඩවත්ත ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මෙම අවස්ථාවට සහභාගී වූ අතර ශ්‍රී ලංකා ගුවන් හමුදා කායවර්ධන සංචිතයේ  සභාපති ගෲප් කැප්ටන් සේනක ප්‍රනාන්දුපුල්ලේ ඇතුළු යුධ, ගුවන්, නාවික හමුදාවල නිලධාරීන් හා සෙසු නිළයන් පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී විය. 

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි