ශී‍්‍ර ලංකා ගුවන් හමුදා රණවිරු සැමරුම් උත්සවය - 2016
කි‍්‍රයාන්විත සේවයේදී මියගිය ශී‍්‍ර ලංකා ගුවන් හමුදාවෙි සියලුම නිළධාරීන් සහ සෙසු නිළයන් සැමරීමේ උත්සවය ශී‍්‍ර ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද දින (2016 ජුලි මස 04) පැවැත්විණි.

උත්සවය සදහා ශී‍්‍ර ලංකා ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානී එයාර් වයිස් මාර්ෂල් රනිල් ගුරුසිංහ, ශී‍්‍ර ලංකා ගුවන් හමුදා අධ්‍යක්‍ෂක මණ්ඩලයේ සියලුම නිළධාරීන්, ජ්‍යෙෂ්ඨ නිළධාරීන් ඇතුලු සියලු නිළයන් නියෝජනය වන පරිදි සෙසු නිළයන් පිරිසක් සහභාගී වූ අතර මෙය ශී‍්‍ර ලංකා ගුවන් හමුදා ඒකළ වෘත්තීය පුහුණු පාසලේ ස්ථාපිත රණවිරු ස්මාරකය ඉදිරිපිට සිදු කෙරුණි.

ගුවන් හමුදාධිපතිතුමන් විසින් පළමු මල් වඩම රණවිරු ස්මාරකය වෙත තැම්පත් කල අතර අනතුරුව ගුවන් හමුදාවේ හිටපු හමුදාධිපති එයාර් චීෆ් මාර්ෂල් වෝල්ටර් ප‍්‍රනාන්දු මහතා විසින් ස්මාරකය වෙත මල් වඩම තැම්පත් කරන ලදි. ඉන් පසු පිළිවෙලින් ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානී එයාර් වයිස් මාර්ෂල් රනිල් ගුරුසිංහ, සුභසාධක අධ්‍යක්‍ෂක එයාර් වයිස් මාර්ෂල් රෝහිත ප‍්‍රනාන්දු, ගුවන් හමුදා සියලු නිළයන් සහ සිවිල් පුද්ගලයන් ඇතුලු රණවිරු පවුල්වල සහකරු හෝ සහකාරිය මෙන්ම ඔවුන්ගේ ළමුන්ද රණවිරු ස්මාරකය වෙත මල් වඩම් තැමිපත් කිරීම සදහා එක්විය.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි