ගුවන් යානා කාර්‍ය් මණ්ඩල සඳහා ජලයේ හා කැළැවේ නොනැසී සිටීමේ පුහුණු වැඩසටහනක්
ගුවන් හමුදා ගුවන්යානා කාර්‍ය් මණ්ඩල සදහා ජලයේ හා කැළැවේ නොනැසී ජීවත්වීම පිළිබද පුහුණු වැඩසටහනක් 2016 ජූලි මස 05 වන දින ශී‍්‍ර ලංකා ගුවන් හමුදා අම්පාර කදවුරේදී ආරමිභ කරන ලදි.

මෙම අභ්‍යාසයේ අරමුණ ජලයේ සහ කැළෑ ප‍්‍රදේශය පුරා සිදුවන අනතුරු හදිසි ගොඩබෑමි පිළිබදව ප‍්‍රායෝගික අත්දැකීමි ලබා දීමට  ගුවන්යානා කාර්‍ය් මණ්ඩලයේ දැනුම සහ හැකියාවන් වර්ධනය කිරීමයි. මෙය ක්‍ෂේත‍්‍ර පුහුණු අභ්‍යාසයක් ලෙස සිදු කරන අතර පුහුණුව ලබන ගුවන්යානා කාර්‍ය් මණ්ඩලය හට න්‍යායික හා ප‍්‍රායෝගික අත්දැකීම ලබා දීම මෙහිදී සිදු කරනු ලබයි.

මෙම අභ්‍යාසය සදහා ගුවන් නියමුවන් 14 ක්, ගුවන් ඉංජිනේරුවන් 02 ක්, ස්කන්ධ නියාමකවරුන් 02 ක්, ගුවන් අවිකරුවන් 02 ක් සහ එක් බුද්ධි අංශ සෙබලෙක් ඇතුලූව ගුවන් හමුදා සාමාජිකයින් 21 දෙනෙකුගෙන් යුක්ත කණ්ඩායමක් සහභාගී වන අතර මීට අමතරව උපදේශකයින් 06 දෙනෙකු මේ සඳහා සහභාගී වේ.

  
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි