ගුවන් හමුදාධිපතිතුමන් "නාලන්දා රණවිරු උපහාර" උත්සවයට සහභාගී වෙයි
නාලන්ද විද්‍යාලීය රණවිරුවන් අණුස්මරණය කිරීම වෙනුවෙන් සංවිධානය කරන ලද
"නාලන්දා රණවිරු උපහාර" උත්සවය 2016 ජූලි මස 28 වන දින ගුවන් හමුදාධිපති
එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතාගේ සහභාගීත්වයෙන් නාලන්දා විද්‍යාල
පරිශ්‍රයේදී පැවැත්විණ.
ආරක්ෂක රාජය අමාත්‍ය ගරු රුවන් විජයවර්ධන මැතිතුමන් ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මෙම අවස්ථාවට සහභාගී වූ අතර ගුවන් හමුදාධිපතිතුමන් ඇතුලු සන්නද්ධ හමුදා ජ්‍යේෂ්ඨ නිලධාරීන් පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.
රට තුල නීතිය හා සාමය ආරක්ෂා කිරීම වෙනුවෙන් කැප වූ රණවිරුවන් අනුස්මරණය කිරීම හා සියලුම රණවිරුවන්ට ආශිර්වාද කිරීමේ අදහසින් නාලන්දා විද්‍යාලය 15 වන වරට මෙම සැමරුම් උත්සවය පවත්වන ලදී. තවද මෙම උත්සවයට මියගිය රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින් පිරිසක් ද සහභාගී විය. මෙම උත්සවය නාලන්දා විද්‍යාලීය කණිෂ්ඨ ආදි ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරන ලදී.