අන්තර් ඒකක දැල්පන්දු ශූරතාව 2016
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා 2016 අන්තර් ඒකක දැල්පන්දු තරඟාවළි 2016 ජූලි මස 29 වන දින කොළඹ ගුවන් හමුදා කඳවුරු රයිෆල් ග‍්‍රීන් ක‍්‍රීඩාංගනයේදී නිමාවට පත්විය. මෙහිදී කටුනායක ගුවන් හමුදා කඳවුරු මූලස්ථාන කණ්ඩායම 24-12 ක් ලෙස පරදවා ශූරතාවය දිනා ගැනීමට කොළඹ ගුවන් හමුදා කඳවුරු දැල්පන්දු කණ්ඩායම සමත්කම් දක්වන ලදි.
කටුනායක ගුවන් හමුදා කඳවුරු මූලස්ථාන කණ්ඩායමේ ගුවන් කාන්තා පබසරා හොඳම පන්දු විදින්නිය ලෙස සම්මාන ලැබූ අතර කොළඹ ගුවන් හමුදා කඳවුරේ නායක ගුවන් කාන්තා රත්නායක සහ සැරයන් සොයිසා පිළිවෙලින් හොඳම මධ්‍යස්තාන ක්‍රීඩිකාව හා හොඳම ආරක්ෂකයා ලෙස සම්මාන ලැබුවාය.
මෙහිදී කොළඹ ගුවන් හමුදා කඳවුරේ නායක ගුවන් කාන්තා පෙරේරා 2016 අන්තර් ඒකක දැල්පන්දු ශූරතා තරඟාවලියේ දැල්පන්දු රැජින බවට අභිෂේක ලැබුවාය.
ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී සමන්ති බුලත්සිංහල මහත්මිය ප‍්‍රධාන ආරාධිත අමුත්තිය වශයෙන් මෙම අවස්ථාවට සහභාගී විය. ගුවන් හමුදා පුහුණු අද්‍යක්‍ෂක එයාර් වයිස් මාර්ෂල් විජිත ගුණරත්න, කොලඹ ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී ප‍්‍රසන්න පායෝ, නිළධාරීන්, ගුවන් භටයින් සහ ගුවන් කාන්තාවන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.