අන්තර් ඒකක පාපැදි ශූරතාවය 2016
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා අන්තර් ඒකක පාපැදි තරඟාවළිය අද (අගෝස්තු මස 03 වන) දින කටුකුරුන්ද ගුවන් හමුදා කඳවුරේදී පවත්වන ලදී. ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක රෙජිමේන්තු පක්ෂාංගය පිරිමි ශූරතාවය දිනා ගැනු ලැබූ අතර චීනවරාය ගුවන් හමුදා වද්‍යාපීඨය කාන්තා ශූරතාවය දිනා ගන්නා ලදි. එහිදී කටුනායක ගුවන් හමුදා කඳවුර සහ හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුර පිළිවෙලින් පිරිමි සහ කාන්තා අනුශූරතාවයන් දිනාගන්නා ලදී.
ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානී එයාර් වයිස් මාර්ෂල් රනිල් ගුරුසිංහ ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් මෙම අවස්ථාවට සහභාගී විය. ගුවන් හමුදා අධ්‍යක්‍ෂක මණ්ඩලය, කටුකුරුන්ද ගුවන් හමුදා කඳවුරු අණදෙන නිලධාරී ගෘාප් කැප්ටන් මොහාන් බාලසූරිය, නිළධාරීන් සෙසු නිළයන් රැසක් මෙම අවස්ථාවට එක්වූහ.