
2016 ආරක්‍ෂක සේවා කඹ ඇදීමේ ශූරතාවය ගුවන් හමුදාවට
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කඹ ඇදීමේ කණ්ඩායම විසින් ශ‍්‍රී ලංකා යුධ හමුදා කඹු ඇදීමේ කණ්ඩායම පරදවා 2016 ආරක්‍ෂක සේවා කඹ ඇදීමේ ශූරතාවය දිනා ගැනීමට සමත්කම් දක්වන ලදී. තරඟාවළිය පසුගිය අගෝස්තු මස 05 වන දින කටුනායක ගුවන් හමුදා කඳවුරු ක‍්‍රීඩාංගනයේදී පවත්වන ලදී.
නාවික හා ගුවන් මෙහෙයුම් අද්‍යක්‍ෂක ජෙනරාල් රියර් අද්මිරාල් සරත් මෙහොට්ටි ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී විය. ගුවන් හමුදා කඹ ඇදීමේ සංචිතයේ සභාපති ගෲප් කැප්ටන් කේ සී ගීතප‍්‍රිය, නිළධාරීන් ඇතුළු ත‍්‍රිවිධ හමුදා සමාජික සාමාජිකාවන් රැසක්ද මෙම අවස්ථාවට එක්වූහ.



















