පකිස්ථාන ගුවන් හමුදාධිපති ශ‍්‍රී ලංකාවේ සංචාරයක
පාකිස්ථාන ගුවන් හමුදාධිපති එයාර් චීෆ් මාර්ෂල් සොහේල් අමාන් පසුගිය 2016 අගෝස්තු මස 07 වන දින තුන්දින නිළ සංචාරයක් සඳහා කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපලින් ශ‍්‍රී ලංකාවට පැමිණෙන ලදී.

පාකිස්ථාන ගුවන් හමුදාධිපතිතුමන් සහ එම මැතිණිය ටාලට් සොහේල් මහත්මිය ඇතුළු ධූත පිරිස පිළිගැනීම ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා සහ සමන්ති බුලත්සිංහල මහත්මිය විසින් කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපල පරිශ‍්‍රයේදී සිදු කරන ලදී.

මෙම නිළ සංචාරය අතරතුර පාකිස්ථාන ගුවන් හමුදාධිපතිතුමන් කටුනායක ගුවන් හමුදා කඳවුර, ගුවන් හමුදා මූලස්ථානය, ශ‍්‍රී ලංකා යුධ හමුදා මූලස්ථානය සහ ශ‍්‍රී ලංකා නාවික හමුදා මූලස්ථානයේ සංචාරය කිරීමට නියමිතය.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි