බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපල ගුවන් හමුදා කඳවුර ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්‍ෂණයට
ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා විසින් බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපල ගුවන් හමුදා කඳවුරේ ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්‍ෂණය පසුගිය අගෝස්තු මස 12 වන දින සිදුකරන ලදී.

කඳවුරු අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් ජී එච් පී නානායක්කාර විසින් මාර්ග පෙළ ඛණ්ඩ ගුවන් හමුදාධිපති උත්තමාචාර මධ්‍යයේ ගුවන් හමුදාධිපතිතුමන් පිළිගන්නා ලදී.

පරීක්‍ෂණය අතරතුරදී කඳවුරේ අළුතින් ඉදිකරන ලද විද්‍යුත් හා විදුලි සංදේශ අංශය ගුවන් හමුදාධිපතිතුමන් විසින් විවෘත කරන ලදී.

පරීක්‍ෂණය අවසානයේදී ගුවන් හමුදාධිපතිතුමන්  කඳවුරේ සියළුම නිළධාරීන්, සෙසු නිළයන් සහ සිවිල් කාර්ය මණ්ඩලය අමතන ලදී.  මෙහිදී කඳවුරේ දියණුව සහ අභිවෘද්ධිය උදෙසා කැපවුණු සියළු දෙනා වෙනුවෙන් ගුවන් හමුදාධිපතිතුමන් සුභ පතන ලදී.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි