අංක 07 පරිපාලන හා කළමනාකරණ කාර්‍ය සාධන සංවර්ධන වැඩමුළුව නිමා වෙයි
කඳවුරු අණදෙන නිළධාරීන් සදහා පැවැත්වූ අංක 07 පරිපාලන හා කළමනාකරණ කාර්‍ය සාධන සංවර්ධන වැඩමුළුව 2016 අගෝස්තු මස 10 වන දින සිට 2016 අගෝස්තු මස 12 වන දින දක්වා චීන වරාය ශ‍්‍රී ලංකා ගුවන් හමුදා විද්‍යාපීඨයේදී පවත්වන ලදී.

මෙම පුහුණු වැඩමුළුව පැවැත්වීමේ මුලික අරමුණ වූයේ ආයතන සංස්කෘතීන් හා පරිපාලන පරිසරය තුළ අභියෝග වලට මුහුණ දීමට ශී‍්‍ර ලංකා ගුවන් හමුදා මුලික කඳවුරු අණදෙන නිළධාරී සහ අණදෙන නිළධාරීන්ගේ පරිපාලන හා කළමනාකරණ කාර්ය සාධන හැකියාව වර්ධනය කිරීමයි. එසේම ගුවන් හමුදා ක‍්‍රියා පටිපාටිය සහ රෙගුලාසි වර්ධනය කිරීම තුළින් ගුවන් හමුදාවේ ප‍්‍රමිතිය සහ සාර්ධර්ම වර්ධනය කිරීම අරමුණු වෙයි.

මෙම පුහුණු සැසිය දේශන හා විෂය භාෂා ගණනක පලපුරුද්දක් ඇති උපදේශකයන් විසින් මෙහෙයවන ලද අතර ඵලදායි සාකච්ජා සැසි සමග පුලුල් විෂය පථයක් ආවරණය කරන ලදි.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි