දියතලාව කඳවුරට නව අණදෙන නිලධාරීවරයෙක්
ගුවන් කොමදෝරු ලාල් පෙරේරා විසින් දියතලාව ගුවන් හමුදා කඳවුරේ අණ සහ සියලු වගකීම් ජුලි මස 26 වන දින සිට ගෲප් කපිතාන් ලංකා කොඩිප්පිලි හට භාර දුන්නේ ගුවන් හමුදා චාරිත්‍රානුකූල සම්මාන ගෞරව සහිතවය. විංග් කමාන්ඩර් අනුරුද්ධ සිරිවර්ධන විසින් තනතුරු භාර දීමේ සහ භාර ගැනීමේ පෙලපාළිය සඳහා අණ ලබා දෙන ලදී.

ගෲප් කපිතාන් ලංකා කොඩිප්පිලි ගුවන් හමුදා මුලස්ථානයේ ගොඩබිම් මෙහෙයුම් 1 තනතුර දරමින් සිට් අතර පසුගියදා ගුවන් හමුදාවේ ප්‍රධානතම ගොඩබිම් සටන් පුහුණු පාසලේ අණදෙන නිළධාරී ලෙස වැඩ භාර ගන්නා ලදී.

නික්ම යන අණදෙන නිළධාරී ගුවන් කොමදෝරු ලාල් පෙරේරා පුහුණු අධ්‍යක්ෂ (වැඩ බලන ) තනතුරෙහි වැඩ භාර ගත් අතර නික්ම යාමට පෙර උසස් අවිකරු පුහුණු උපදේශකයින්ගේ පාඨමාලා ශාලාව සහ විවේකාගාරය ප්‍රථිසංස්කරණය කර උසස් තත්වයට පත් කරන ලදී.



airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි